1796 වර්ෂයේදී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු විය. කන්ද උඩරට රජකළ රජු විසින් කන්ද උඩරට අත්හැර දැමීමත් සමඟ 1798 මාර්තු 06 දිනැති කොමිසමක් මඟින් සර් ෆෙඩ්රික් නොර්ත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පොදු ඉඩම් සන්තක කර ගැනීම් අවලංගු කිරීම හා ඉඩම් අයිතිය තනි පුද්ගලායනය කිරීම අරමුණු කරගත් 1800 මැයි 3 දිනැති ප්‍රසිද්ධ ඉඩම් ප්‍රකාශනය හේතුවෙන් ඉඩම් මැනුම් ඉතා වැදගත් ස්ථානයක් අත්පත් කරගනු ලැබීය. දිවයිනේ පවතින ඉඩම් මැනුම් ක්‍රමය පිළිබඳ ගවේෂණය කරමින්, සර්වේයර් ජනරාල් වරයාගේ ප්‍රධාන කාර්යය සටහන් කරමින් “සර් ෆෙඩ්රික් නොර්ත්” විසින් 1800 අගෝස්තු 2 දිනැති ප්‍රකාශනය සකස් කරන ලද අතර ප්‍රතිඵලයක් ලෙස ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපනය විය.

පළමු වසර 50 තුළ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඉටු කරන ලද බොහෝමයක් මැනුම් ඉඩම් අලෙවිය සඳහා හිමිකම් පිඹුරු සකස් කිරීම සඳහා වු මැනුම් වලට සීමා විය. මුලික ත්‍රිකෝණකරණය සඳහා 1857 දී වු පාදක මැනුම් සමඟින් දිවයිනේ මැනුම් සඳහා පාලන ස්ථාපනය ආරම්භ විය. 19 වන ශත වර්ෂයේ අවසානය වන විට මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම් නිරවුල් කිරීම සඳහා කට්ටි මැනීම, සිතියම්කරණය/විවිධ මැනුම් සඳහා භූ ලක්ෂණ මැනුම්, විවිධ මැනුම් සඳහා වාරිමාර්ග මැනුම්, මහාමාර්ග /දුම්රිය මාර්ග මැනුම්, වන මැනුම් ද ඇතුලත්ව මැනුම් කෘත්‍යයේ පුළුල් පරාසයක නියැලී සිටි අතර ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය වර්ධනය ඉතාමත් කැපී පෙනුන ලක්ෂණයක් විය.

අතීතයේදී මිනින්දෝරුවරු මැනුම් පොළෙහිම කඳවුරු බැඳ, ප්‍රවාහනය, සන්නිවේදනය ආදියට පහසුකම් නොතිබීම හේතුවෙන් ක්‍රියාකාරී පද්ධතිය ලෙස හඳුනාගත් කඳවුරේ සිටම ඔවුන්ගේ කාර්යය කරගෙන යනු ලැබුහ. තනි මිනින්දෝරුවරයෙකු සඳහා අනුබද්ධ කරනු ලැබු මැනුම් කම්කරුවෝ මැනුම් පොලට ආසන්නව තැනු ඔවුන්ගේ “ වාඩියේ ” නවාතැන් ගත්හ.

1900 ට පෙර කාලය තුල එනම් 20 වන ශත වර්ෂයේ ආරම්භයේදී දෙපාර්තමේන්තුව භූමිතික ත්‍රිකෝණකරණ ජාලය 1: 40,000 සාමාන්‍ය නිරවද්‍යතාවයෙන් ස්ථාපනය කරන ලද අතර සමස්ථ දිවයිනම , අඟලට සැතපුම පරිමාණයෙන් තල මේස ක්‍රමය යොදා ගනිමින් සිතියම් ගත කරන ලදී. මෙම සිතියම් මාලාව සමස්ථ දිවයිනම ආවරණය කිරීමට පත්‍ර 72 කින් යුක්තවු “ අඟලේ භූ ලක්ෂණ සිතියම් මාලාව ” ලෙස ප්‍රචලිත විය.

භූගෝලීය නාම සම්බන්ධයෙන් භූගෝලීය නාම මෙන්ම අනුමත නොවු විචල්‍ය නාම සම්බන්ධයෙන්ද එක්සත් ජනපද සභාව මඟින් අනුමත කරන ලද නිල සම්මතයන්ගෙන් සමන්විත භූගෝලීය නාමාවලියක්, 1960 ජුනි මසදී වොෂින්ටන් හි අභ්‍යන්තර දෙපාර්තමේන්තුවේ භූගෝල විද්‍යා කාර්යාලයේදී සකස් කරන ලදී. ජාතික සිතියම් සංවිධානය ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 1924 දී සකස් කර නිම කළ අඟලේ භූ ලක්ෂණ සිතියම් මාලාව පාදක වු රටේ ස්ථාන සහ ලක්ෂණ 29,600 කින් පමණ මෙම භූගෝලීය නාමාවලිය සමන්විත විය. ස්ථාන/ග්‍රාම නාම, ස්වභාවික සහ කෘතිම භූ ලක්ෂණ අංග, පරිපාලන ප්‍රදේශ ආදිය සම්බන්ධයෙන් සිතියම් මාලා සකස් කිරීමේදී ප්‍රායෝගිකව භාවිතා වන සියළුම භූගෝලීය නාම මෙම සිතියම් මාලාවේ අඩංගු වේ.

1948 පෙබරවාරි 4 වන දින නිදහස ලැබීමෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍ය නිලධාරින්‍ වෙනුවට ශ්‍රී ලංකා සර්වේයර් ජනරාල් වරයෙකු යටතට පත්විය.

1956 දී විදේශ සමාගමක් විසින් සමස්ථ ශ්‍රී ලංකාව 1: 40,000 පරිමාණයෙන් ගුවන් ඡායාරූපගත කරන ලදී. පසුව දෙපාර්තමේන්තු ගුවන් යානය යොදා ගනිමින් නැවත 1: 10,000 (ආවරණ ප්‍රමාණය 5%) 1: 20,000 (ආවරණ ප්රයමාණය 100%) සහ 1: 40,000 (ආවරණ ප්‍රමාණය 70%) පරිමාණයෙන් ගුවන් ඡායාරූපගත කරන ලදී. ගුවන් ඡායාරූපකරණය සහ ඡායාරේඛනමිතික දත්ත ලබා ගැනීම සඳහා සෙස්නා ගුවන් යානය WILD RC20 ගුවන් කැමරාව, ආංකික දත්ත ලබා ගත හැකි ප්‍රතිසම ඡායාමිතික උපකරණ 9ක්, ඡායාමිතික උපකරණ ලකුණු 2ක් සහ ආංකික ඡායාරේඛනමිතික උපකරණ 8ක් දෙපාර්තමේන්තුව විසින් යොදා ගනු ලැබිණි.

1980 වකවානුවේදී ශ්‍රී ලංකා/ස්විස් දුරස්ථ ග්‍රහන ව්‍යාපෘතියේ ආධාරය ඇතිව දෙපාර්තමේන්තුව සිතියම්කරණ කාර්යය සඳහා SPOT, LANDDSAT (MSS and TM), IRS චන්ද්‍රකා ඡායාරූප සහ චන්ද්‍රකා ඡායාරූප සැකසුම් මෘදුකාංග ලබාගෙන තිබේ.

1982 දී ශ්‍රී ලංකාව මෙට්‍රික් මිනුම් ක්‍රමයකට පරිවර්තනය වු පසුව 1: 50,000 පරිමාණයෙන් නව භූ ලක්ෂණ සිතියම් මාලාවක් සකස් කැරුණු අතර සමස්ථ දේශයම ආවරණ කරන සිතියම් 92ක් මෙම සිතියම් මාලාවෙහි තිබේ. 1980-1997 කාලපරිච්ඡේයදය තුල දෙපාර්තමේන්තුව අඟලේ සිතියම් සහ ගුවන් ඡායාරූප ඒකාබද්ධ කරමින් සහ 1: 50,000 නිෂ්පාදනයට සමාන්තර වෙමින් මෙම භූ ලක්ෂණාත්මක සිතියම් මාලාව නිෂ්පාදනය කළේය. ඡායාරේඛනමිතික ක්‍රම සහ අධි විභේදිත චන්ද්‍රකා ඡායාරූප යොදා ගනිමින් ‍ දෙපාර්තමේන්තුව 1: 50,000 සිතියම් මාලාවක් නිෂ්පාදනයේ නියැලී තිබේ. මෙම සිතියම් මාලාවේ ඇති භූ ලක්ෂණාත්මක දත්ත භූමිතික තොරතුරු පද්ධති භාවිතය හා ආංකික සිතියම්කරණය සඳහා භූලක්ෂණාත්මක ගබඩාවක් ආකාරයෙන්ද ඇත්තේය.

1990 කාල වකවානුවට පුර්වයෙන්, බාහිර පරිසරයේ සිදුවු සංවර්ධනය නිසාවෙන් සංවිධානයට උසස් කාර්යයක් ලඟාකර ගැනීම සඳහා කෘත්‍යයන් සහ ගතිකයන් අවබෝධ කරගැනීමට සහ වෙනස්කිරීමට දෙපාර්තමේන්තුව අරමුණු කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ‍ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය කාර්යාල ක්‍රමය හඳුන්වා දුන් අතර සියළුම මිනින්දෝරුවන් කාර්යාලයට අනුබද්ධ කරන ලදී. එය කෘත්‍යය හා ජනතා පිරිවිතර සහ යටිතල පහසුකම් සංවර්ධනය වර්ධනයෙහිලාත් මඟ හෙලි කලේය. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ වන එකම පුහුණු පාසල වන දියතලාවේ පිහිටි මැනුම් හා සිතියම් ආයතනය (කොළඹ සිට කි.මී. 200 ක් පමණ දුරින්) මේ වකවානුවේ වු UNDP ව්‍යාපෘතිය යටතේ උපාධි ප්‍රධානය කරනු ලබන ආයතනයක් ලෙස උසස් තත්ත්වයට ගෙන එනු ලැබීය. (ISM පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා “ පුහුණු ආයතනය” ඔස්සේ යොමු විය හැක.)

මෙම කාල වකවානුව තුලම, ලෝකය පුරා මැනුම් සහ සිතියම් ක්ෂේත්යේ සිදු වු නව තාක්ෂණයේ වෙනස්වීම් සමඟින් නොයෙක් ආකාරයේ අවකාශ තොරතුරු සඳහා පරිශීලන ඉල්ලුම ඉහල ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්තමේන්තුව, භූමි පාලන ලක්ෂයන්ගේ සම්බන්ධීකරණ අගය තීරණය කිරීම සඳහා 1999 දී භූමිතික වර්ගයේ ගෝලීය ස්ථානීය පද්ධති (GPS) ග්‍රාහකයන් හඳුන්වා දෙන ලදී. 1999 කාල වකවානුවට පෙර ස්ථාපනය කරන ලද භූමිතික ජාලයේ නිරවද්‍යතාව නව ඉල්ලුම සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවු බැවින් විශ්ව ව්‍යාප්ත ස්ථානීය පද්ධති සමඟ ක්‍රියාකිරීමට 1999 දී සමස්ථ දේශය සඳහා නව භූමිතික ජාලයක් ස්ථාපනය කරන ලදී. නව ජාලයේ සංඛ්‍යාන නිරවද්යේතාව 1: 750,000 වන අතර එය සිතියම්කරණයට සහ කැඩැස්තර මැනුම් කිරීමට සුදුසු තත්වයක ඇත.

තවද, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ GPS ස්ථීර යොමු ලක්ෂයක් 1993 දී ස්ථාපනය කර එය DORTS නම් වු ලෝක ජාලය සමඟ සම්බන්ධ කරන ලදී. එය එක්තරා කාලපරිච්ඡේදයකදී අක්‍රීය වු අතර කෙසේ වුවද මෑත කාලීනව විදේශ ආධාර ඇතිව එය ප්‍රතිස්ථාපනය කර යාවත්කාලීන කරන ලදී.

විදේශ ආධාර සහිත ව්‍යපෘතියක ( SRIM-2007-2009) ආධාරය ඇතිව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව රටේ දකුණු කොටස සඳහා භූ ලක්ෂණ දත්ත ගබඩාව යාවත්කාලීන කිරීම සහ නැගෙනහිර මුහුදු තීරය සඳහා අවකාශ දත්ත ස්ථරයක් යාවත්කාලීන කිරීමට හැකිවිය. අධි විභේදිත චන්ද්‍රකා ඡායාරූප යාවත්කාලීන කිරීම සහ නව අවකාශ දත්ත නිර්මාණය සඳහාද යොදා ගන්නා ලදී. මෑතකදී උතුරු පලාතේ ආංකික භූ ලක්ෂණ සිතියම් ව්‍යාපෘතිය නම් වු JICA ව්‍යාපෘතිය යටතේ උතුරු පලාතේ වර්ණ ගුවන් ඡායාරූපකරණය නිම කරන ලදී.

2003 දක්වා සියළු ඉඩම් තොරතුරු සහ පිඹුරු සකස් කරන ලද්දේ දෘඩ පත්‍ර වල පමණි. දෙපාර්තමේන්තුව 2003 දී ආංකික දත්ත තොරතුරු පද්ධතියක් (LIS) හඳුන්වා දුන් අතර 2009 සිට එය කඩිනම් කරන ලදී. මේ දක්වා LIS දත්ත පද්ධතිය භූමි කොටස් 700,000 ක පමණ තොරතුරු ඇතුලත් කර ඇත.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව පාරිභෝගික අවශ්‍යතා සඳහා පහසුකම් සලසනු වස් සහ ජාතික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා එහි පද්ධති නිර්මාණ ශිල්පය ක්‍රමෝපායීව ප්‍රතිසංවිධානය කරමින් සිටී.

Surveyor Generals since 1800

Period Name
11800-1805J.Johnwil
21805-1811J.Atkinson
31811-1833G.Schneider
41833-1846F.B.Norris
51846-1854H.Chims
61855-1858W.D.Gosset
71858-1865Charles Sims
81866-1883A.B.Eyers
91883-1893P.C.H.Clarke
101894-1896G.D.Mantell
111896-1904F.H.Grinlinton
121904-1910P.D.Warren
131910-1915R.S.Templeton
141915-1923W.C.S.Ingles
151923-1927A.J.Wickwar
161927-1932A.H.G.Dawson
171932-1937G.K.Thornhill
181937-1943L.G.O.Woodhouse
191943-1946R.J.Johnston
201946-1951I.F.Wilson
211951-1954C.B.King
221954-1958N.S.Perera (1st Sri Lankan Surveyor General)
231958-1961V.Rasaretnam
241961J.L.T.E.Dassenaike
251961-1965S.Karthigesu
261965-1966J.C.Chanmugam
271966-1967F.H.Gunasekara
281967-1968P.U.Ratnatunga
291968-1970C.T.Goonawardana
301970-1971C.Vanniasingham
311971-1973R.A.Gunawardana
321973A.M.Cumaraswamy
331973-1981S.J.Munasinghe
341981-1989S.D.F.C.Nanayakkara
351989-1991S.T.Herat
361991E.M.Perera
371991-1992Dr. T.Somasekaram
381992-1993S.Berugoda
391993-1996N.C.Seneviratne
401996M.P.Salgado
411996-2003K.L.A.Ranasinghe Silva
422003-2004P.A.Ariyaratne
432004-2009B.J.P. Mendis
442009-2013S.M.W.Fernando
452013-2014(March) Dr. K.Thavalingam
462014(March)-2014(MayN.Gunawardhana
472014 -2019(March)P.M.P.Udayakantha
482019(March)-2020(Feb)S.M.P.P.Sangakkara
492020(February)S.D.P.J. Dampegama
502020(February) - 2021(May)A.L.S.C.Perera
512021(June)-2021(November)W.T.M.S.B.Tennakoon
522021(November)- 2022(December)A. Dissanayake
532023(January)-2023(September)S.Sivanantharajah
542023(September)W. Sudath L. C. Perera