You are Here :-අප ගැන >සංවිධාන ව්‍යුහය

සංවිධාන ව්‍යුහය

මිනින්දෝරු දෙපාර්තමේන්තුව සර්වේයර් ජනරාල් වරයාගේ ප්‍රධානත්වය යටතේ පවතින අතර දැනට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.
මධ්‍යම, පලාත්, හිමිකම් ලියාපදිංචි කිරීම සහ පාලන/මානව සම්පත් කෘත්‍යය හැසිරවීම සඳහා වන අතිරේක සර්වේයර් ජනරාල් වරුන් සිව් දෙනෙකුගෙන් පාලනය වන කළමනාකරණ ඒකක 4ක් යටතේ දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වේ. සිතියම්කරණ කාර්යය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන කාර්යාලයේදීය. එනම් ගුවන් ඡායාරූප, ඡායාරේඛනමිතික දත්ත ලබා ගැනීම සහ ගුවන් මැනුම් අංශය ක්ෂේත්‍රයේ දත්ත පරික්ෂාව ක්ෂේත්‍ර මිනින්දෝරුවරුන්ගෙන්ද, සිතියම් නිෂ්පාදනය සහ මුද්‍රණය සඳහා ඇඳීම් අංශය, මුද්‍රණාක්ෂර, ලිතෝ අංශද චන්ද්‍රකා සැකසුම් සඳහා දුරස්ථ ග්‍රහණ අංශයද, භූ ලක්ෂණ දත්ත පද්ධතිය සහ ඉඩම් තොරතුරු පද්ධතිය නිර්මාණය සහ පවත්වාගෙන යාම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති අංශය සහ ඉඩම් තොරතුරු පද්ධති අංශයද වේ.
ප්‍රධාන කාර්යාලයේ සහ පලාත් කාර්යාලයන්හි විශේෂිත වු අංශයන්හි ප්‍රධානත්වය දරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සර්වේයර් ජනරාල්වරුන් / නියෝජ්‍ය සර්වේයර් ජනරාල්වරුන්/ පලාත් සර්වේයර් ජනරාල්වරුන් විසිනි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය කාර්යාලයන්හි ප්‍රධානත්වය උසුලනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරිවරුන් සහ මිනින්දෝරු අධිකාරිවරුන් විසිනි.


දෙපාර්තමෙන්තු සංවිධන ව්‍යුහය සදහා

පුවත් විපරම
Survey Department Of Sri Lanka


>>
Three awards received by the Survey Department in National Productivity Award Competition in 2015.

1.Provincial Surveyor General Office-North Western - 3rd Place

2.Surveyor Generals Office - Special Commendation

3.Institute of Surveying & Mapping - Special Commendation
                                                2017-01-03

 
Untitled Document

 

කතු හිමිකම © 2014 ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමෙන්තුව සියළුම හිමිකම් ඇවිරිණි